අපගේ දැක්ම

" මිත්‍රත්වයෙන් සංවර්ධනයට"

අපගේ මෙහෙවර

"පුද්ගලයෙකුගේ කළල අවදියේ සිට මරණය දක්වා වු සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික පසුතලය වඩාත් හොදින් ගොඩ නැන්වීම සංවර්ධනය කිරීම හා පවත්වාගෙනයාම"

           බදුල්ල නගරයේ සිට කි.මි.06ක් පමණ දකුණින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. මෙම කොට්ඨාසය උතුරින් සොරණාතොට, කන්දකැටිය කොට්ඨාශය ද නැගෙනහිරින් පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද දකුණින් බණ්ඩාරවෙල හා ඇල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද බටහිරින් ඌව පරණගම හා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද ආවරණය වි ඇත.   

වර්ග කිලෝමීටර් 165 ක විශාලත්වයෙන් යුත් මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 57 කින් යුක්තය. ප්‍රදේශයේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු  ගැන සලකා බැලිමේදි මුළු පවුල් සංඛ්‍යාව 29287 ක් වන අතර ජනගහන 102305 ක් වේ.                               

ප්‍රදේශයේ භෞතික සම්පත් වල යටිතල පහසුකම් වල ව්‍යාප්තිය සැකසීමේදී සෑම ග්‍රාම නිලධාරී වසමකටම පිවිසිමේ මාර්ග ඇතත් පොදු ප්‍රවාහන පහසුකම් ඉතාමත් දුර්වල තත්වයක පවති. කොට්ඨාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතින් ජිවත් වේ. ප්‍රදේශය තුළ පිහිටා ඇති සෞඛ්‍ය, අධ්‍යාපන අංශයට සම්බන්ධ ආයතන වලින් මෙම ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ඉල්ලුම සපුරාලිම සඳහා සහය සේවා ප්‍රශස්ථ මට්ටමින් නොපැවතියද ප්‍රදේශයේ පදිංචි වුවන් සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ධාරිතාව බදුල්ල අග නගර‍ය සතුව පැවතීම විශාල අස්වැසිල්ලක් වනු ඇත.                            

තේ වගාව, එළවළු වගාව ප්‍රධාන කොට ගත් වාර්ෂික බෝග වගාව, මිශ්‍ර ගෙවතු වගාව, වී වගාව, කුරුඳු, ගම්මිරිස් ආදි  සුළු අපනයන බෝග වගාවන් දක්නට ලැබේ. මෙහි කැපි පෙනෙන ලක්ෂණයක් වන්නේ මුළු කෘෂි බිම් ප්‍රමාණයෙන් තේ වගාව සඳහා 68 % ක්ද, වී වගාව සඳහා 14%ක්ද, කාලීන භෝග සඳහා 8% ක්ද, ස්ථීර භෝග සඳහා 8%ක්ද, පොල් වගාව සඳහා 2%ක්ද වේ.

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විවිධ අංශ ඔස්සේ විවිධ වූ කර්මාන්ත විශාල සංඛ්‍යාවක් දැනටමත් සිදුකෙරෙමින් පවතී.

කොට්ඨාශයේ මුලික තොරතුරු

පුවත් සහ සිදුවීම්

01
ඔක්2019
ලංසු කැඳවීම 2026

ලංසු කැඳවීම 2026

ලංසු කැඳවීම 2026 ඉදිකිරීම් සඳහා ලංසු කැඳවීම...

Scroll To Top