ගර්භණී/ කිරිදෙන මව්වරුන් සඳහා රු. 2500/- ක අතිරේක ආහාර සහනාධාර මුදලක් ලබා දීමේ වැඩසටහන
අදාල අයදුම්පත පහත සබැදිය ඔස්සේ බාගත කල හැක
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මාසික සාකච්ඡාව 2020
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මාසික සාකච්ඡාව මෙවර හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සේවාලාභීන්ගේ පහසුව සහ කාර්යයන් කඩිනම් කිරීම සඳහා හඳුන්වාදෙනු ලැබූ නව ක්‍රමවේදයන් සහ පරිගණක යෙදවුම් දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත හඳුන්වාදීම ඉන් අනතුරුව සිදුවිය. කාර්යාලය වෙත පැමිණෙන සියළුම සේවාලාභීන් ලියාපදිංචි කිරීම සහ සේවාලාභියාගේ අවශ්‍යතාව ඉටුවන තෙක් එම කටයුත්ත නව තාක්ෂණය හරහා අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයන් , උප්පැන්න සහතික මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම ඇති කිරීම ඇතුළු තවත් පහසුකම් රැසක් මෙහිදී හදුන්වාදෙනු ලැබිණි
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





























